ඊශ්‍රායලය විසින් සිරියාවේ ප්‍රදේශ රැසකට ගුවන් ප්‍රහාර එල්ලකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව සිරියාවේ ඩැමස්කස් අගනුවර ඇතුළු ප්‍රදේශ රැසකට ගුවන් ප්‍රහාර එල්ලකළ බවයි සිරියා මාධ්‍ය සඳහන් කරන්නේ.
ගුවන් ප්‍රහාර 100කට අධික සංඛ්‍යාවක් එල්ල වූ බව බ්‍රිතාන්‍ය පාදක කරගත් මානව හිමිකම් සංවිධානයක් නිවේදනය කරනවා.
රසායනික අවි නිෂ්පාදනය කෙරෙන ස්ථානයක් ලෙස සැලකෙන ප්‍රදේශයකට ද ගුවන් ප්‍රහාර එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.
අසාද් පාලනය බිඳ වැටීමත් සමග රසායනික අවි ඇතුළු භයානක අවි ආයුධ අන්තවාදී සටන්කාමීන් අතට පත්වීම වැළැක්වීම සඳහා මෙම ගුවන් ප්‍රහාර එල්ල කළ බවයි ඊශ්‍රායලය නිවේදනය කරන්නේ.