Latest News

සිරියාව අත්කරගත් කැරැලිකාර කණ්ඩායමේ නායකයා ජාතිය අමතයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමේ නායක 42 හැවිරිදි අබු මොහොමඩ් අල් ජොලානි ඉරානයට මින් ඉදිරියට අන්තවාදය ව්‍යාප්ත කිරීමට සිරියාව භාවිත කිරීමට ඉඩ නොතබන බව ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ සිරියාවේ බලය අත්පත් කර ගැනීමෙන් පසුව දමස්කස් අගනුවර පිහිටි ලොව පැරැණිතම ඉස්ලාම් දේවස්ථානයක් වන උමෙයිඩ් දේවස්ථානය ඉදිරිපිට සිට ජයග්‍රාහී දේශනය සිදුකරමින්.

බෂාර් අල් අසාඩ් ඉරානය සහ හෙස්බුල්ලා සංවිධානය සමඟ සමීපව කටයුතු කළ අතර, ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට ද පත්ව සිටි බවයි වාර්තා වන්නේ.

ඉරානයට පමණක් නොව ලෙබනනයේ හෙස්බුල්ලා සංවිධානයට ද ඉදිරියේදී සිරියාව භාවිත කිරීමට ඉඩ නොතබන බව ඔහු සඳහන් කර ඇති අතර, එම පණිවිඩය ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම ත්‍රස්ත සංවිධානයක් බවට ලේබල්ගත කර අල් ජොලානිගේ හිසට අමෙරිකානු ඩොලර් මිලියනයක මුදල් ත්‍යාගයක් පිරිනමන බවට නිවේදනය කර ඇති ඊශ්‍රායලයට සහ අමෙරිකාවට නිකුත් කළ අනතුරු ඇඟවීමක් බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළා.

ඔහුගේ නායකත්වයෙන් මෙහෙයුම ආරම්භ වීමෙන් පසු දමස්කස් නුවර ආක්‍රමණයට දින කිහිපයකට පෙර අරාබි මාධ්‍යයක් නොව අමෙරිකානු මාධ්‍යයක් වන CNN පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී ඇත්තේ අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් සහ පත්වීමට නියමිත ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිය අරමුණ පැහැදිලි කරදීමේ උපාය මාර්ගයක් ලෙස බවයි වාර්තා වන්නේ.

World News