හයිටි රාජ්‍යයේ අපරාධ කල්ලියක් පුද්ගලයන් 110 දෙනෙකු ඝාතනය කර තිබෙනවා.
හයිටි රාජ්‍යයේ පොට් ඕ ප්‍රින්ස් හි ක්‍රියාත්මක මෙම අපරාධකල්ලිය ඝාතනය කළ බොහෝ පිරිසක් අවුරුදු 60ට වැඩි වයෝවෘද්ධ අය වනවා.
ඔවුන් අමානුෂික ලෙස ඝාතනය කර ඇති බවයි හෙළිව ඇත්තේ.
ප්‍රාදේශීය අපරාධකල්ලි නායකයෙකුගේ පුත්‍රයෙකු අසනීප වී අත්භූත රෝගයකින් මිය ගොස් තිබෙනවා.
ඒ පිළිබද ශාන්ති කර්මයකදී පූජකවරයෙකු ලබාදුන් උපදෙස් මත මෙලෙස ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.
ජගත් සංවිධාන වාර්තා පෙන්වා දෙන්නේ හයිටි රාජ්‍යයේ අපරාධකල්ලි මෙම වසර තුළ පමණක් 5,000කට වැඩි පිරිසක් ඝාතනය කර ඇති බවයි.