හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවෙකුගේ වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.
ඒ මැටන් සෙන්ගෞකර් නමැති ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවෙකුගේ වීඩියෝවක් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
මෙම පුද්ගලයා පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 7 වන දින පැහැර ගැනීමට ලක් වු අතර දින 420ක කාලයක් හමස් සංවිධානය භාරයේ පසු වනවා.
අදාළ වීඩියෝවේ දී ඔහු සඳහන් කරන්නේ අප සෑම දිනකම දහස් වාරයක් මිය යන අතර කිසිවෙකුට අප ගැන දැනිමක් නොමැති බවයි.
එමෙන්ම ඊශ්‍රායල රජය ප්‍රාණ ඇපකරුවන්ව නොසලකා හැර ඇති බවට එම වීඩියෝවේදී ඔහු චෝදනා කරනවා.
හමාස් සංවිධානය සමග එකඟතාවයකට පැමිණ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම සදහා ඊශ්‍රායල රජයට බලපෑම් කරන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.