චීනයේ සිටින ධනවතුන් සංඛ්‍යාව පහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
ඒ දෙසැම්බර් 05 වනදා නිකුත් කරන ලද ස්විස් බැංකු වාර්තාවක් අනුවයි.
ඒ අනුව අමෙරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වත්කම් සහිත චීනයේ පුද්ගලයින් සංඛ්‍යාව 520 සිට 427 දක්වා පහත වැටී ඇති බවයි එම වාර්තාව පවසන්නේ.
2023 වසරට සාපේක්ෂව එය කැපී පෙනෙන අඩුවක් බව එම වාර්තාව පෙන්වා දෙනවා.
ඊට ප්‍රධාන හේතුව චීනයේ දේපල වෙලඳපොලේ ඇති අභියෝග සහ මූල්‍ය අංශයේ කැළඹීම් බව පවසන එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, ස්විස් බැංකු වාර්තාව අනුව චීනයේ ධනවතුන් ලැයිස්තුවෙන් පුද්ගලයින් 132 දෙනෙකු ඉවත්ව ඇති අතර, නව ප්රකෝටිපතියන් 42 දෙනෙකු එකතු කර ඇති බවත්, තිදෙනෙකු නැවත ස්ථානගත කර ඇති බවයි.
මේ අතර සමස්තයක් වශයෙන්, චීනයේ ප්රකෝටිපතියන්ගේ ධනය සියයට 20කින් අඩු වූ අතර එය දළ වශයෙන් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.4ක් බවයි එම වාර්තාවේ දත්ත සඳහන් කරමින් එම මාධ්‍ය වාර්තා පවසන්නේ.