Latest News

චීන සමාගම් 100කට අමෙරිකාවෙන් තහනමක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මානව හිමිකම් කඩකිරීමේ චෝදනා හේතුවෙන් චීන සමාගම් ඉලක්ක කරමින් ජාත්‍යන්තර සම්බාධක හා වෙළෙඳ සීමා පැනවීමත් සමඟ චීනයේ බලහත්කාර ශ්‍රම භාවිතයේ අර්බුදය යළි ගෝලීය අවධානයට ලක්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහි සැලකිය යුතු පියවරක් ලෙස මේ වනවිට අමෙරිකාව විසින් චීන සමාගම් 100කට අධික ප්‍රමාණයක් අසාදු ලේඛනයට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව බලහත්කාර ශ්‍රම භාවිතය සම්බන්ධව චෝදනා ලැබූ පොලිසිලිකන්, රෙදිපිළි හා තාක්කාලි මිශ්‍රන වැනි නිෂ්පාදන සිදුකරන චීන සමාගම් රැසකට ද අමෙරිකාව තුළ සිය භාණ්ඩ අලෙවිය තහනම් කර තිබෙනවා.

චීනයේ ෂිංජියැන් ප්‍රාන්තයේ උයිගර් ප්‍රජාව බලහත්කාර ලෙස කම්කරු සේවයේ යොදවන බවට එල්ල වූ චෝදනා මත අමෙරිකාවේ සෙනෙට් සභාව විසින් සම්මත කරගත් උයිගර් බලහත්කාර කම්කරු සේවය වැළැක්වීමේ පනත යටතේ එම තහනම සිදු කර ඇති අතර කැනඩාව, බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමයේ සාමාජික රටවල් රැසක් ද ඒ හා සමාන ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එවැනි චෝදනා තහවුරු වුවහොත් ඊට එරෙහිව අපරාධ පනත යටතේ නඩු පැවැරීමේ හැකියාව ඇති බවත් වාර්තා වනවා.

World News