දකුණු කොරියා ජනපතිට පක්ෂයෙන් ඉවත් වන ලෙස ඉල්ලීම් ඉදිරිපත්ව තිබෙනවා.
පාලක පීපල් පවර් පක්ෂයේ නායකයා දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල්ට පක්ෂයෙන් ඉවත් වන ලෙස දන්වා තිබෙනවා.
ඊයේ ජනාධිපති යූන් සිය ආරක්ෂක අමාත්‍ය කිම් යොං-හ්යූන්ගේ ඉල්ලා අස්වීම පිළිගත්තා.
රටම කම්පනයට පත් කළ අඟහරුවාදා රාත්‍රියේ ජනාධිපතිවරයා යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමේ ක්‍රියාවේදී තමන් හැසිරුනු ආකාරය ගැන සමාව අයැද සිටි ආරක්ෂක අමාත්‍යවරයා ඊයේ ඉල්ලා අස්ව තිබුණා.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ හදිසි ඡන්ද විමසීමකින් පසු යුද නීතිය ඉවත් කිරීමට ජනාධිපතිවරයාට සිදුවුණා.
තම තීරණය ආපසු හැරවීමට සිදුවීමත් සමග නිහඬ වූ ජනපති යූන් අද ජාතිය ඇමතීමට නියමිතයි.
දකුණු කොරියා විපක්ෂය ඔහුට දෝෂාභියෝගයක් එල්ල කර ඇති අතර සෙනසුරාදා එහි ඡන්ද විමසීම සිදු කෙරෙනවා.