නවසීලන්තයේ උසම කන්ද තරණය කිරීමට උත්සාහ කළ පුද්ගලයින් තිදෙනෙක් අතුරුදන්ව ඇති බව නවසීලන්ත බලධාරීන් පවසනවා.
ඔවුන් 56 හැවිරිදි කර්ට් බ්ලෙයාර්, 50 හැවිරිදි කාලෝස් රොමෙරෝ නම් අමෙරිකානු ජාතිකයන් දෙදෙනෙක් සහ තවත් කැනේඩියානු ජාතිකයෙක් බව සඳහන්.
නවසීලන්තයේ මවුන්ට් කුක් (Aoraki ලෙසද හැඳින්වේ) තරණය කිරීමට ඔවුන් තිදෙනා පසුගිය සෙනසුරාදා පිටත්වී ඇති අතර, අඟහරුවාදා දිනයේදී නැවත පැමිණීමටයි සැලසුම් කර තිබී ඇත්තේ.
නමුත් කඳු නගින්නන් තිදෙනා නියමිත දිනයට නොපැමිණි නිසා මෙලෙස සෝදිසි කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව සඳහන්.
අඩි 12,218 ක උසකින් යුත් නවසීලන්තයේ උසම කන්දවන මෙය වටා කාලගුණික තත්ත්වය පිරිහී ඇති නිසා සෝදිසිකිරීමේ මෙහෙයුම් මදකට නවතා දැමීමට සිදුව ඇති බවත් නිලධාරීන් පවසනවා.
කෙසේ වෙතත් අතුරුදන්වූ තිදෙනා සොයා මෙහෙයුම් කරන ප්‍රදේශයේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, ඔවුන් තිදෙනාට අයත් යැයි විශ්වාස කෙරෙන කඳු නැගීම සම්බන්ධ අයිතම කිහිපයක් පමණක් සොයා ගැනීමට හැකිව ඇති බවයි.