හමුදා නීතිය පැනවීමේ කම්පනකාරී පියවර ව්‍යර්ථ කිරීමෙන් පසු දකුණු කොරියානු මන්ත්‍රීවරු ජනාධිපති යූන් සුක් යෝල්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනවිත් තිබෙනවා.
ජනපතිවරයා එලෙස හමුදා නීතිය පැනවූයේ උතුරු කොරියාවේ කොමියුනිස්ට් බලවේගවලින් රට ආරක්ෂා කිරීමට සහ රාජ්‍ය විරෝධී කොටස් තුරන් කිරීමට බවයි ඔහු පවසා සිටියේ.
නමුත් ඔහුගේ ප්‍රකාශයෙන් පැය දෙකකටත් අඩු කාලයකදී ඔහුගේම පියවර හකුලා ගැනීමට ජනපතිට සිදුවුණා.
අඟහරුවාදා අගභාගයේදී යුද නීතිය පැනවීමට ජනාධිපති යූන් දැරූ අසාර්ථක උත්සාහය සම්බන්ධයෙන් දකුණු කොරියාවේ විපක්ෂ නීති සම්පාදකයින් මේ වන විට ඔහුට දෝෂාභියෝගයක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙම යෝජනාව ඡන්දයකට යාමට පෙර විවාදයට ගැනීමට අවශ්‍ය වනු ඇති අතර එය සම්මත වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 300 දෙනාගෙන් 200 ක් ඡන්දය ප්‍රකාශ කළ යුතුයි. එය මෙම සතිය අවසානයේදී සිදුවණු ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
කෙසේ වෙතත් දකුණු කොරියාවේ අගමැති හැන් ඩක්-සූ සහ අනෙකුත් ඉහළ නිලධාරීන් හදිසි රැස්වීමක් පැවැත්වීමට නියමිතය බව සඳහන්.
මේ අතර දකුණු කොරියාවේ ඇතිව තිබෙනව මෙම කලබලකාරී තත්ත්වය පිළිබඳව උතුරු කොරියාව කිසිඳු ප්රතිචාරකය් දක්වා නැති බවත් විදෙස් වාර්තා පවසනවා.