අමෙරිකානුවන් මිලියන 1.1 ක් මරණයට පත් කළ ‘කොවිඩ් 19’ වෛරසයේ සුලමුල සම්බන්ධයෙන්, අමෙරිකන් නීති සම්පාදකයන් වසර දෙකක විමර්ශන කටයුතු මේ වනවිට අවසන් කර වාර්තාවක් ලබා දී තිබෙනවා.
ඒ අනුව එම වාර්තාවේ දැක්වෙන ආකාරයට, ‘කොවිඩ් 19’ වෛරසය කාන්දුවී ඇත්තේ චීනයේ පර්යේෂණාගාරයකික් බවයි සඳහන් කර ඇත්තේ.
‘කොවිඩ් 19’ වෛරසයේ සුලමුල සම්බන්ධයෙන් එම විශේෂ විමර්ශන වාර්තාව සකස් කිරීම සිදු වී ඇත්තේ මේ වනවිට අමෙරිකන් ජනාධිපති ධුරය සඳහා තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයයි.
එම වාර්තාවට පිටු 520 ක් ඇතුළත් වන බව ද පැවසෙනවා.
“අප මෙම වාර්තාව සකස් කළේ කොවිඩ් 19 වෛරසයේ සුලමුල ගැන සෙවීමට පමණක් නොවෙයි. ඇමෙරිකාවටත් මුළු ලෝකයටත් බලපෑම් කළ හැකි මීළඟ වයිරසයෙන් සමස්ත ලෝකයම ආරක්ෂා කර ගැනීමේ අරමුණින්” යැයි විමර්ශන කමිටු සභාපති බ්‍රැඩ් වෙන්ස්ට්රප් ඇමෙරිකන් පාර්ලිමේන්තුව හෙවත් කොංග්රස් මණ්ඩලයට පැහැදිලි කර තිබෙනවා.
‘කොවිඩ් 19’ වෛරසය් ආරම්භය ගැන ඇමෙරිකාවේ ෆෙඩරල් ආයතන පමණක් නොව, ලෝක සෞඛ්‍ය සංවිධානය ද විවිධ නිගමනවලට එලඹී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් පොදු සම්මුතියක් ඇති කරගෙන නැහැ.
‘කොවිඩ් 19’ වෛරසය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් වනවා.
ඒ, 2019 නොවැම්බරයේදීයි.
ඉන්පසු එය වසර දෙකක් ලොව කැළඹු අතර ‘කොවිඩ් 19’ වෛරසය සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක් ලෙස සැර බාල වූයේ ප්‍රතිශක්තිකරණ එන්නත් වලින්.