හමාස් සංවිධානය රඳවා ගෙන සිටි ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමට පියවර නොගතහොත් අනිටු ප්‍රතිවිපකයන්ට මුහුණදීමට සිදුවිය හැකි බව තේරීපත් වු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජනවාරි මාසයේ දී තමා ධුරයේ වැඩභාර ගැනීමට ප්‍රථමව ඊශ්‍රායලය හා හමාස් සංවිධානය සටන් විරාමයකට එළඹිය යුතු බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නේ.
ලබන වසරේ ජනවාරි 20 වන දින ට්‍රම්ප් ජනාධිපති ධුරයේ වැඩභාර ගැනීමට නියමිතයි.
ඊට පෙර හමාස් සංවිධානය රඳවාගෙන සිටින සියලු ප්‍රාණඇපකරුවන් නිදහස් කළ යුතු බව ද ඔහු පවසනවා.
Truth සමාජ මාධ්‍යයේ සටහනක් තබමිනුයි ඔහු මේ බව සඳහන් කර ඇත්තේ.
එමෙන්ම දෙපාර්ශවය අතර සාකච්ඡා පමණක් පවතින බවත් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ට්‍රම්ප් පෙන්වා දෙනවා.
ඊශ්‍රායලය හමාස් යුද ගැටුම් නැවැත්වීම සදහා ජනාපති ධුරයට නැවත තේරීපත්වීමෙන් පසු ට්‍රම්ප් සිදුකළ ප්රබලතම ප්‍රකාශය ලෙස ද මෙය සැලකෙනවා.