Latest News

චීනයේ නව විවාහ ලියාපදිංචිය පහත වැටෙයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනයේ තරුණ තරුණියන් අතර විවාහ වීමේ ප්‍රතිශතය සැලකිය යුතු අයුරින් පහත වැටී තිබෙන බව වාර්තා වනවා.

ඒ ආර්ථික පීඩනය සහ අසාර්ථක විවාහ ජීවිත පිළිබඳ තොරතුරු රැසක් වාර්තා වීම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගියදා එරට සිවිල් සබඳතා පිළිබඳ අමාත්‍යාංශය නිකුත් කළ දත්ත සංඛ්‍යාලේඛනවලට අනුව පසුගිය වසරේ පළමු කාර්තු 3දී මිලියන 5.69ක් වූ චීනයේ නව විවාහ මේ වසරේ පළමු කාර්තු 3දී මිලියන 4.74ක් දක්වා පහත වැටී ඇති අතර, එය ප්‍රතිශතයක් වශයෙන් 16.6% ක අඩුවීමක් වනවා.

වර්තමානය වන විට චීනයේ තරුණ තරුණියන් සිය පෞද්ගලිකත්වයට සහ වෘත්තීය සංවර්ධනයට ප්‍රමුඛතාව ලබා දී ඇති බවත්, යුග දිවියට පිවිසීම ප්‍රමාද කරමින් සිටින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

නව විවාහ පහත වැටීම උපත් අනුපාතය පහළ යෑමට ද හේතුවී ඇති අතර, තරුණ තරුණියන් විවාහ වීමට සැලකිලිමත් නොවීම හේතුවෙන් වයස්ගත ජනගහනය වැඩිවීම සහ කම්කරු ශ්‍රමය හිඟවීම වැනි ගැටලු ද මතු වනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

World News