Latest News

මරණාසන්න රෝගීන් වෙනුවෙන් නව පනතක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මාරාන්තික රෝගවලින් පීඩා විඳින පුද්ගලයන්ට දිවි අහිමි කරගැනීම සඳහා පනත් කෙටුම්පත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.

මාරාන්තික රෝගවලට ගොදුරුවීම හේතුවෙන් අවම ආයු කාලයක් ඉතිරිව ඇති බවට වෛද්‍ය නිර්දේශ ලැබූ පුද්ගලයන් සඳහා වන එම පනතට පක්ෂව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් 330 දෙනකු සිය ඡන්දය භාවිත කර තිබෙන අතර තවත් මන්ත්‍රීවරු 275 දෙනකු ඊට විරුද්ධව ඡන්දය භාවිත කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

එම පනත් කෙටුම්පත සම්මත වීමත් නැවත පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම සඳහා අවසර ලැබී ඇති බවත්, එම සංවේදී පනත තවදුරටත් මන්ත්‍රීවරු අතර විවාදයට ගැනීමෙන් පසු සංශෝධන ඇතුළත්ව ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබෙනු ඇති බවත් සඳහන්.

කෙසේවෙතත් එම පනත පොදු නීතියක් බවට පත්වීමට පෙර ඊට ඇතුළත් වගන්ති සහ කරුණු සම්බන්ධව පුළුල් විවාදයක් පැවැත්වෙනු ඇති අතර, රෝගීන්ගේ ස්වාධීනත්වයට ගරු කිරීම, පෞද්ගලික නිදහස, විනිවිදභාවය හා වගවීමේ ආචාර්ධර්ම ඇතුළු කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇති බැවින් ජනමත විමසුමක් සිදු කිරීමේ අවධානයක් ද යොමු වනු ඇති බවයි වාර්තා වන්නේ.

එම පනත සම්මත වූ දිනයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට රෝගීන් සහ ආබාධිත පුද්ගලයන් රැසක් ‘මරණයට අවසර දීම නොව ජීවත්වීමට සහාය ලබාදෙන‘ ලෙස නිහඬ විරෝධතාවක නිරත වූ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළා.

World News