Latest News

16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කළ ලොව පළමු රට බවට ඔස්ට්‍රේලියාව පත්වෙයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියාවේ වයස 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරමින් එරට පාර්ලිමේන්තුව විසින් නව නීතියක් සම්මත කර තිබෙනවා.

මාස ගණනක පැවති මහජන විවාදයකින් පසු සතියක් ඇතුළත පනත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ඊයේ (29) සෙනෙට් සභාව විසින් මෙම තහනම අනුමත කර ඇත්තේ.

මෙම අනුමත කිරීමත් සමග මෙවැනි නීතියක් සම්මත කළ ලොව පළමු රට බවට ඔස්ට්‍රේලියාව පත්ව තිබෙනවා.

කෙසේ නමුත් මෙම නීතිය ක්‍රියාවට නැංවීමට වසරක පමණ කාලයක් ගතවනු ඇති බවටයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

එම පනතට අනුව වයස අවුරුදු 16ට අඩු ළමයින් සදහා පනවා ඇති නීති කඩ කරන්නන්ට එරෙහිව ඩොලර් මිලියන 50 දක්වා වූ දඩ මුදලක් යෝජනා කර ඇති බව සඳහන්.

මේ අතර මෙම පනතට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විරුද්ධ පක්ෂයවන ලිබරල් පක්ෂයේ බොහෝ සාමාජිකයින්ගේ සහාය ලැබී තිබෙනවා.

World News