කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය චෝදනාවලට සිර දඩුවම් විදිමින් සිටින ශ්‍රී ලංකික සිරකරුවන් 104 දෙනෙකු අතරින් 32 දෙනෙකු , ඉතිහාසයේ පළමු වතාවට , කුවේට් රාජ්‍යයේ සිට විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (25) පස්වරුවේ පැමිණ තිබුණි.
මෙම ශ්‍රී ලංකිකයන් කුවේට් රාජ්‍යය තුළ භායානක ඝනයේ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම ,වෙළෙඳාම් සහ ජාවාරමි කිරීම සහ ප්‍රවාහනය කිරිම යන චෝදනා යටතේ එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන , අධිකරණයට ඉදිරිපත් කර වැරදිකරුවන් වු පිරිසකි.
මොවුන් අතරින් කොටසක් ශ්‍රී ලංකාවට එවීම සඳහා ඉකුත් මාර්තු මාසයේ සිට කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතා ප්‍රයන්ත දරා තිබුණි.
පසුව කුවේට් රාජ්‍යයේ රජතුමා සහ එරට අභ්‍යන්තර කටයුතු අමත්‍යවරයා සමග ශ්‍රී ලංකික තානාපතිවරයා පැවති සමීප සබදතා උපයෝගී කර ගනිමින් සහ ඔවුන් සමග මේ පිළිබඳ සාකච්ජා වට ගනනාවක් සිදු කිරීමෙන් අනතුරුව , මෙම ශ්‍රී ලංකිකයන් පිරිස මෙරටට එවීම සඳහා කුවේට් ගුවන් හමුදාව සතු ව්ශාලතම සී -17 වර්ගයේ ගුවන් යානයක් නොමිලේ ලබා ගැනීමට සමත් වී තිබුණි.
මෙම ශ්‍රී ලංකික සිරකරුවන් භාර දීමට පියවර ගෙන තිබුණ ද එම සිරකරුවන් හුවමාරු ගිවිසුම යටතේ මෙරට සිර දඩුවම් විදිමින් සිටින කුවේට් සිරකරුවන් කිසිවෙකු නොසිටිම විශේෂත්වයකි.