Latest News

ජනප්‍රිය බර අඩු කිරීමේ ඖෂධය චීනයේ විකිණීමට අවසර – අතුරු ආබාධ මෙන්න

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Wegovy නම් තම බර අඩු කිරීමේ ඖෂධය චීනයේ විකිණීම Novo Nordisk ආයතනය ආරම්භ කර තිබෙනවා.

ඒ ජුනි මාසයේදී ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් විසින් අනුමත කිරීමෙන් පසුවයි.

ලෝකයේ දෙවන විශාලතම ඖෂධ වෙළෙඳපොලට පිවිසි Wegovy, දැන් එහි ප්‍රතිවාදියා වන Eli Lilly සමඟ තරඟකාරිත්වය තීව්‍ර කිරීමට සූදානම් බවයි මව් ආයතනය පවසන්නේ.

බිලියන1.4ක ජනගහනයක් වෙසෙන චීනයේ මිලියන 180කට අධික ජනතාවක් තරබාරුකමෙන් ජීවත්වන බව සඳහන්.

චීන ව්‍යාපාරික පුවත් වෙබ් අඩවියක් පවසන්නේ Wegovy එන්නත් හතරක මාත්‍රාවක් සඳහා යුවාන් 1,400 (£153; $194) වැය වනු ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම එන්නත භාවිතයෙන් සමහර පුද්ගලයින් සඳහා ඔක්කාරය හා වමනය වැනි අතුරු ආබාධ ඇති විය හැකි අතර, මෙම එන්නත ලබා ගැනීම නතර කළ පසු තරබාරුව සිටි පුද්ගලයින් නැවතත් තරබාරු පුද්ගලයින් බවට පත්වන බවත් සඳහන්.

World News