Latest News

රුසියාව විසින් යුක්‍රේනය පූර්ණ පරිමාණ ආක්‍රමණය කර අදට දින 1,000ක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියාව විසින් යුක්‍රේනය පූර්ණ පරිමාණ ආක්‍රමණය කර අදට දින 1,000ක් සපිරෙනවා.

විඩාපත් හමුදා බොහෝ පෙරමුණුවල සටන් කරමින්, යුක්‍රේනයේ කියෙව් නිතර ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාර සිදුවන පසුබිමක, අමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනවාරි මාසයේදී ධවල මන්දිරය නැවත ලබා ගැනීමට සූදානම් වනවා.

කෙසේ වෙතත් අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් රුසියාව තුළ ගැඹුරු ඉලක්ක වලට එරෙහිව , එක්සත් ජනපද මිසයිල භාවිතා කිරීමට යුක්‍රේනයට අවසර ලබා දුන්නා.

නමුත් ට්‍රම්ප් ජනවාරියේ ධවල මන්දිරයට ආපසු පැමිණ බයිඩ්න්ගේ ප්‍රතිපත්ති ආපසු හැරවිය හැකි බවටයි මත පළ වන්නේ.

මාස 33ක රුසියා යුක්‍රේන යුද්ධයේ ගමන් මග වෙනස් කිරීමට ට්‍රම්ප් නැවත පැමිණීමම ප්‍රමාණවත් නොවන බවට මිලිටරි විශේෂඥයෝ අනතුරු අඟවනවා.

මෙම යුද්ධය නිසා යුක්‍රේනියානු පුරවැසියන් දහස් ගනනක් මිය ගොස් ඇති අතර මිලියන 6 කට වැඩි පිරිසක් විදේශයන්හි සරණාගතයින් ලෙස ජීවත් වන බව සඳහන්.

දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ විශාලතම ගැටුම ආරම්භ කළ ක්‍රෙම්ලිනයේ නායක ව්ලැඩිමීර් පුටින් මීට දින 1,000කට පෙර යුක්‍රේනය ගොඩබිම, මුහුද සහ ගුවනින් ආක්‍රමණය කිරීමට නියෝග කිරීමෙන් පසු යුක්‍රේන ජනගහනය හතරෙන් එකකින් පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරනවා.

World News