වසර හතක් වයසැති පිරිමි දරුවෙක්ට රුසියානු මෘදුකාංග සමාගමක් විසින් රැකියාවක් පිරිනමා තිබෙනවා.
ඒ ඔහු පරිගණක කේතීකරණයට දක්වන දක්ෂතාව හේතුවෙන්.
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ ජීවත්වන සර්ජි නම් මෙම දරුවා වයස අවුරුදු 05 සිටම මෘදුකාංග ලියන ආකාරය විස්තර කරන වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහරිමින් තම දැනුම බෙදාගෙන තිබෙනවා.
රුසියානු තොරතුරු තාක්ෂණ ආයතනය එම වීඩියෝ නැරඹීමෙන් අනතුරුවයි ඔහුව තම ආයතනය හා එක් කර ගැනීමට තීරණය කර ඇත්තේ.
එම වීඩියෝවල ප්‍රබලත්වය මත, තොරතුරු ආරක්ෂණ සමාගම, ආයතනික පුහුණු ප්‍රධානී තනතුර සඳහා ලිඛිත රැකියා ඉල්ලීමක් යවා ඇති බව සඳහන්.
නමුත් ඔහුට තවම වයස අවුරුදු 07 ක් නිසා රුසියානු නීතියට අනුව අවුරුදු 14 වන තෙක් කිසිදු වැටුප් සහිත භූමිකාවක් භාර ගැනීමට හැකියාවක් නැහැ.
එම නිසා රැකියාවක් කිරීමට තරම් වයසින් වැඩි වූ වහාම එහි කළමනාකරණ කණ්ඩායමට එක්වන ලෙස සමාගම ඔහුට ආරාධනා කර තිබෙනවා.
එම කාලය අතරතුර එම දරුවා සමග හැකි පමණ එක්ව කටයුතු කිරීමට ඔහුගේ දෙමව්පියන් සමග සාකච්ඡා කරන බවයි Pro32 හි ප්‍රධාන විධායක ඉගෝර් මැන්ඩික් BBC ලෝක සේවයට පවසා ඇත්තේ.