Latest News

“මඕරි” විරෝධතාකරුවන් දහස් ගණනක් නවසීලන්ත අගනුවරට රැස්ව විරෝධතාවයක (PHOTOS)

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

“මඕරි” විරෝධතාකරුවන් 35,000ක පමණ පිරිසක් නවසීලන්තයේ අගනුවරට රැස්ව විරෝධතාවයක නිරත වී තිබෙනවා.

ඒ මීට වසර 184කට පෙර නවසීලන්තයේ මාඕරි ජනතාව සමඟ ඇතිකරගත් ගිවිසුමක් නැවත පාර්ලිමේන්තුව මගින් අර්ථකථනය කරන බව කියන පනතකට එරෙහිවයි.

බොහෝ පෙළපාලිකරුවන් අද උදෑසන නවසීලන්තයේ වෙලින්ටන් උද්‍යානයේ සිට එරට අගනුවර පිහිටි පාර්ලිමේන්තුව දක්වා පෙළපාලියකින් පැමිණ තිබෙනවා.

හයිකෝයි නමින් හැන්දින්වෙන දින නවයක සාමකාමී විරෝධතාවයක අවසාන දිනයවන අද දිනයේ, ඊට මඕරි රැජින ද එක්වූ බව සඳහන්.

අතීතයේදී බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් සහ මඕරි ජනයා අතර ඉඩම් සහ සංස්කෘතික අයිතිවාසිකම් වැනි කරුණු ආවරණය කරමින්, Waitangi නමින් ගිවිසුමක් පැවතී තිබෙනවා.

වසර 184ක් පැරණි එය නැවත අර්ථකථනය කිරීමට නවසීලන්ත පාර්ලිමෙන්තුව මගින් පනත් කෙටුම්පතක් ඉදිරිපත්කර ඇති අතර, එයට විරෝධය දැක්වීම සඳහායි මෙම සාමකාමී විරෝධතාව පවත්වා ඇත්තේ.

කෙසේ වෙතත් පනත් කෙටුම්පතේ යෝජකයින් පවසන්නේ එමගින් සියලුම නවසීලන්ත වැසියන්ට මෙන්ම මඕරි ජනයාට ද සමාන අයිතිවාසිකම් ලබා ගැනීමට හැකි වනු ඇති බවයි.

නමුත් නව පනත් කෙටුම්පත මගින් ආදිවාසීන්ගේ අයිතිවාසිකම් වලකනු ඇති බවට විවේචකයින් පවසනවා.

ආණ්ඩුවේ සමහර සභාග හවුල්කරුවන්ගේ සහය නොමැති බැවින් මෙම පනත් කෙටුම්පත සම්මත වීමට ඉඩක් නොමැති වුවද, එය වාර්ගික අර්බුදයක් නිර්මාණය කිරීමට මුල්වන බවටයි ඔවුන් මත පළ කරන්නේ.

මෙම පෙළපාලිය දින නවයකට පෙර නවසීලන්තයේ උතුරු ප්‍රදේශයෙන් ආරම්භ වී ඇති අතර ඊට සහභාගී වූවන් කිලෝමීටර 1,000ක් පමණ ගෙවා පැමිණ ඇති බවත් සඳහන්.

World News