එක්සත් ජාතීන්ගේ ආධාර රැගත් ලොරි රථ 109ක් ගාසා තීරයේදී ප්රචණ්ඩ ලෙස කොල්ලකා තිබෙන බව සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය පවසනවා.
අදාළ ලොරි රථ පෙළ මුහුණු ආවරණය කරගත් පිරිසක් විසින්, ඊශ්‍රායල පාලයන යටතේ පවතින කෙරම් ෂාලෝම් හරහා ගමන් කිරීමේදී කොල්ලකා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙලෙස කොල්ලකෑමට ලක්ව ඇත්තේ, අදාළ ආධාර දකුණු සහ මධ්‍යම ගාසා තීරයට රැගෙන එමින් තිබියදීයි.
කෙසේ වෙතත් මෙම තත්වය මත මානුෂීය ආධාර මත යැපෙන මිලියන දෙකකට අධික ජනතාවගේ ජීවිත තවදුරටත් අනතුරට පත්වනු ඇති බවයි සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය කියා සිටියේ.