Latest News

“ස්ටාර්ලින්ක්” ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව නවතම වාර්තාවක් හෙළිකරයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉලෝන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් වැඩසටහන ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව නවතම වාර්තාවක් හෙළි කරනවා.

ඉලෝන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් සබඳතා පිළිබඳ ඉන්දීය ජනතාවගේ දැඩි උනන්දුවක් ඇතිව තිබෙනවා.

එහෙත් ඉන්දියාවේ කුට්නිටි පදනම ඉන් ඇතිවිය හැකි ආරක්ෂක බලපෑම් පිළිබඳ අනතුරු ඇඟවුම් නිකුත් කර තිබෙනවා.

ඇමරිකා ඔත්තු සේවා හා හමුදා සමඟ ස්ටාර්ලින්ක් ආයතනය සමීප සබඳතා පවත්වන බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ.

සාමාන්‍ය ජනතාව හා හමුදා කටයුතු සඳහා ද ස්ටාර්ලින්ක් භාවිත කිරීමෙන් ඉන්දීය ජාතික ආරක්ෂාවට සැලකිය යුතු අවදානමක් ඇති කරන බව ඉන් පෙන්වා දෙනවා.

ඉන්දියාවේ අති දුෂ්කර හා අඩු පහසුකම් සහිත ප්‍රදේශවල ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල පහසුකම් භාවිතයට මේ වනවිටත් අවධානය යොමුව තිබෙනවා.

එහෙත් ඉන් අත් වන ප්‍රතිලාභ වලට වඩා ඉන් ඇති වන බලපෑම සැලකිල්ලට ගත යුතු බවයි බොහෝ දෙනා පවසන්නේ.

World News