ෆිච් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ විදේශ සංචිත 81% කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී මෙරට විදේශ සංචිත 81% කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.
එය ඩොලර් බිලියන 6.5 දක්වා ළඟා වී තිබෙනවා.
මෙම සංචිත ඉහළ යාම රටේ ආර්ථික ස්ථාවරත්වය සඳහා සැළකිය යුතු වර්ධනයක් අත් කරදෙන අතර එය බාහිර කම්පනයන්ට එරෙහිව ශක්තිමත් ආරක්ෂාවක් සපයනු ඇති.
කෙසේ වෙතත්, රජය සිය විදේශ ණය සඳහා සේවා සැපයීම නැවත ආරම්භ කළහොත් ශ්‍රී ලංකාවේ වැඩිදියුණු වූ මූල්‍ය තත්ත්වය පසුබෑමකට ලක්විය හැකි බව ෆිච් රේටින්ග්ස් සඳහන් කරනවා.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (13) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 287.9534 ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
එමෙන්ම එහි විකුණුම් මිල රු. 296.9762 ක් ලෙස වාර්තා වී තිබෙනවා.