කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ ඇල්ල බලා ගමන් කරමින් සිටි ඇමෙරිකානු ජාතික කාන්තාවක පට්ටිපොල, ඔහිය අතර බිම්ගෙය අසළ දී දුම්රියෙන් වැටී තුවාල ලබා තිබෙනවා.
ඒ ඇය සෙල්ෆි ඡායාරූප ගැනීමට යෑමේදී බවයි සිද්ධිය ඇසින් දුටුවන් පැවසුවේ.
මෙසේ ඇද වැටී ඇත්තේ අවුරුදු 39ක අමෙරිකානු කාන්තාවක්.
ඊයේ පස්වරු 5.16ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් තුවාල ලබූ මෙම කාන්තාව දියතලාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා බදුල්ල රෝහලට මාරු කර යවා තිබෙනවා.
ඔහිය පට්ටිපොළ දුම්රිය ස්ථාන අතර දුම්රිය බිංගෙයි ඇය ගැටුණ බවත් ඒ සමඟම බිමට වැටුණ බවත් ඇද වැටී බරපතළ තුවාල ලබා තිබූ බවත් හපුතලේ පොලිසිය පවසනවා.