Latest News

ශ්‍රී ලංකාවේ දුම්රිය මැදිරියක තිබී පතුරොම් සහිත බෑගයක් හමුවෙයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අද (29) උදෑසන 06.30ට මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රිය ගමනාන්තය අවසන් කොට බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ ගාල් කොට තිබියදී එහි මැදිරියක බෑගයක තිබී තුවක්කුවක මැගසිනයක් හා තවත් පතුරොම් දැමු කොටසක් හමුව තිබෙනවා.

අදාළ දුම්රිය නැවත බෙලිඅත්ත සිට මහනුවර බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය ලෙස බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පිටත් වීමට නියමිතව තිබූණු අතර සාමාන්‍ය පරිදි එම දුම්රිය පරික්ෂා කිරීමේ දී එහි එක් මැදිරියක ආසනයක් යට කළු පැහැති බෑගයක් තිබෙනු දුම්රිය සේවකයෙකු දැක තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් බෙලිඅත්ත ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති දැනුවත් කොට පරික්ෂා කිරීමේදී එහි තිබී තුවක්කුවක මැගසිනයක් හා තවත් පතුරොම් දැමු කොටසක් හමුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය දැනුවත් කොට ඇති අතර අද සවස 2.50වන තුරු එම දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී පොලිස් නිල සුනඛයන් යොදා පරික්ෂා කිරීමේ කටයුතු සිදු කරමින් පැවති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් බෙලිඅත්ත සිට මහනුවර බලා ධාවනය වන දුම්රිය ප්‍රමාද වනු ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කර තිබෙනවා.

World News