WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සංසරණය වන Post මගින් පුද්ගල දත්ත මුල්‍යමය තොරතුරු ලබා ගනිමින් සිදුකෙරෙන සයිබර් වංචාවන් මේ දිනවල බහුලව දක්නට ලැබෙන බවට ශ්‍රී ලංකා සර්ට් ආයතනය නිරීක්ෂණය කර තිබෙනවා.
ඒ අනුව විවිධ බැංකු, වාණිජ ආයතන, අන්තර් ජාතික ආයතන නාමයන් භාවිතා කරමින් පරිත්‍යාග, මුදල් තෑගි, දිනුම් වාසනා, අධික ලාභදායී භාණ්ඩ online ක්‍රමයට ලබාදීම, රැකීරක්ෂා ආදිය සඳහා ලියාපදිංචි වන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ පණිවුඩ සහ WhatsApp පණිවුඩ මගින් OTP password තොරතුරු ඉල්ලා එවන පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙසයි ශ්‍රී ලංකා සර්ට් (Sri Lanka CERT) ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
අනුකාරක (Fake web) වෙබ් අඩවි, සමාජ මාධ්‍ය (Social Media) වේදිකාවන්, SMS, WhatsApp හරහා එවනු ලබන පණිවුඩ මඟින් මෙම සයිබර් ජාවාරම් කරුවන් ඔබ හා සම්බන්ධ වීමට උත්සහ දරනු ඇති.
ඔවුන් විසින් ලබාදෙන links වෙත පිවිසීමෙන් ඊට සම්බන්ධවන පුද්ගලයන්ගේ පරිගණක, ජංගම දුරකථනවල ඇති දත්ත සොරා ගැනීමෙන් විවිධ අපචාර සඳහා මෙන්ම මුදල් වංචා ද සිදුකරනු ලබනවා.
විශේෂයෙන්ම WhatsApp පණිවුඩ මගින් එවනු ලබන OTP password තොරතුරු ඉලා සිටීම මගින් ඔබගේ WhatsApp ගිණුම අපරාධකරුවන්ගේ ග්‍රහණයට ගනු ලබනවා.
එමඟින් ඔබගේ WhatsApp ගිණුම භාවිතා කරමින් විවිධ ආධාර ඉල්ලීම් වැනි කටයුතු සිදුකරනු ලබනවා.
මෙවැනි අපරාධ මෑත කාලයේ වැඩිවෙමින් පවතින අතර එම අපරාධවලට ගොදුරුවන්නන්ගේ ප්‍රමාණයද වැඩිවෙමින් පවතින බවයි ශ්‍රී ලංකා සර්ට් ආයතනය පවසන්නේ.
අන්තර්ජාලය හරහා සිදුකෙරෙන ගනුදෙනු හා වෙනත් කාර්යන්හිදී ඔබගේ පුද්ගලික දත්ත ලබාදීමේදී අදාල කාර්ය සඳහා එම දත්ත ලබාදීම කොතෙක් දුරට අදාළ වන්නේද යන්න විමසා සිටීම ඔබගේ අයිතියක්.
එමෙන්ම අන්තර්ජාල ගනුදෙනුවලදී සමාජ මාධ්‍ය හා විවිධ සන්නිවේදන ජාල හරහා ලැබෙන පණිවුඩවලට ප්‍රතිචාර දැක්වීමට පෙර ඒවායේ නිතානුකුලභාවය හා ව්‍යාජ නොවන බව තහවුරු කරගන්න ලෙසද දැනුම් දෙනවා.
සැකසහිත අන්තර්ජාල හා සමාජ මාධ්‍ය පණිවුඩ ලැබුණහොත් ඒවාට පිවිසීමට පෙර අදාළ ආයතන වල නිල වෙබ් අඩවිවලට පිවිසීමෙන් හෝ නිල දුරකථන අංක ඔස්සේ හෝ කරුණු විමසා සහතික කරගත හැකියි.
එසේ සහතික කරගත නොහැකි පණිවුඩ විවෘත කිරීමෙන් වලකින ලෙස හෝ නොසලකා හරින ලෙස ශ්‍රීලංකා සර්ට් ආයතනය තවදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම ඒ ඒ සමාජ මාධ්‍ය හා අන්තර්ජාල සේවාවන් ගේ ඇති ද්විත්ව සථාපනය වැනි ආරක්ෂණ ක්‍රම අනුගමනය කරන ලෙසද ශ්‍රී ලංකා සර්ට් ආයතනය මහා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.