ශ්රී ලංකන් ගුවන් සමාගම විසින් ලන්ඩන් සහ කොළඹ අතර ගුවන් ගමන් මාර්ගයේ වෙනසක් සිදු කර තිබෙනවා.
ඉරානය විසින් ඊශ්රායලයට මිසයිල ප්රහාර එල්ල කිරීමත් සමග ඉරාක ගුවන් සීමාව මගහැරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි ශ්රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේ.
ඒ අනුව කොළඹ සිට ලන්ඩන දක්වා ගුවන් ගමන් ඊජිප්තු ගුවන් කළාපය හරහා සිදු කෙරෙන අතර ඒ හේතුවෙන් අදාළ ගුවන් ගමනේ කාලය ආසන්න වශයෙන් මිනිත්තු 30කින් වැඩි වන බව ද ඔවුන් පෙන්වා දුන්නා.
ඒ අනුව ඉන්ධන වැයවීම ද ඉහළ යන බවයි ශ්රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.