Latest News

ශ්‍රී ලංකාව තුළ කළු දීලීර රෝගීන්ගේ ඉහළ යාමක්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාව තුළ කළු දීලීර රෝගීන්ගේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව දිලීරවේදී දෙපාර්තමේන්තුවේ විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය පවසනවා.

පාලනය නොකළ දියවැඩියාව හේතුවෙන් මෙම රෝගයට වැඩිදෙනෙකු ගොදුරු වී ඇති බවයි ඇය සඳහන් කළේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දිලීරවේදී විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය මෙම අදහස් පැවසුවා.

“මේ දිලීරයේ බීජ ශරීරයට වැඩිපුරම ඇතුළු වෙන්නේ, ආශ්වාසයෙන්. ආශ්වාසයෙන් ඇතුළු වුණාම මුණේ කෝටරක ඇතුළට ගිහින් රෝගය හදන්න පුළුවන්. ඊට අමතරව ආශ්වාසයෙන් ඇතුළු වන වාතය පෙනහළුවලට යනවා. එතකොට පෙනහළුවලත් රෝගය හදන්න පුළුවන්. මේ ස්ථාන දෙක තමා ලෝකයෙත් ලංකාවේත් වැඩිපුරම දිලීර රෝගය හැදිලා තියෙන්නේ. “

දියවැඩියාව පාලනය කිරීම මඟින් මෙම රෝගය පාලනය කළ හැකි බව ඇය සඳහන් කළා.

“දියවැඩියාව හරියටම පාලනය කළ යුතුයි. ඒ වගේම ප්‍රතිශක්තිය දුර්වල කෙනෙක් ඉන්නවා නම් ඒ කාලයේ දී එයා පස් ආශ්‍රිත ක්‍රියාකාරකම් නොකර ඉන්නවා නම් වඩාත්ම සුදුසුයි. ඒ කාලවල දී ඤ් 95 මාස්ක් එක පාවිච්චි කරනවා නම් වඩාත් හොඳයි. ඒ වගේම මල්වල සුවඳ බලන එක වැනි දේ නොකර ඉන්නවා නම් වඩාත් හොඳයි.”

World News