ශ්රී ලංකාව සහ ඊශ්රායලය අතර ගුවන් ගමන් සියල්ල ලබන 7 වැනිදා දක්වා අවලංගු කර තිබෙන බව ඊශ්රායලයේ, ශ්රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.
ඒ ඉරාන ප්රහාර හමුවේ එරට ටෙල් අවිව් ගුවන් තොටුපෙළේ මෙහෙයුම් නවතා දැමීමත් සමගයි.
ඒ අනුව ඔක්තෝම්බර් 7 වැනිදාට පෙර දිනවලදී දෙරට අතර ගුවන් ගමන් සැලසුම් කර ඇති පුද්ගලයින් ඊට අදාළ දින වකවානු නැවත සූදානම් කර ගන්නා ලෙස තානාපති කාර්යාලය දැනුම් දෙන්නේ.
මේ අතර එහි රැඳී සිටින ශ්රී ලාංකිකයින් සියළු දෙනා තව දුරටත් ආරක්ෂිත බවත් ඉදිරියේදී අවදානම් සහගත තත්ත්වයක් උද්ගතවුවහොත් ඒ සඳහා ද කටයුතු සූදානම් කර ඇතැයි තානාපතිවරයා සඳහන් කළා.
එමෙන්ම හැකිතාක් ගමන් අවම කර නිවාසවලම රැඳී සිටින ලෙස ඊශ්රායල රජය ජනතාවට දැනුම් දෙනවා.
ඉදිරියේදී ප්රහාර ඉහළ ගියහොත් ඒවායින් ආරක්ෂා වීම සඳහා භූගත කඳවුරු, භූගත රෝහල්ද සහ හදිසි ගිලන් රථ සේවා ස්ථාපිත කර ඇතැයි ඊශ්රායල රජය දැනුම් දෙනවා.