Latest News

කොළඹ නගරයේ පෙට්‍රල් ත්‍රිරෝද රථ 200ක්, විදුලියට පරිවර්තනය කිරීමේ නියමු ව්‍යාපෘතියක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාව තුළ පෙට්‍රල් බලයෙන් ක්‍රියාත්මක වන, 4 Stroke ත්‍රිරෝද රථ විදුලි වාහන බවට පත් කිරීම ඉලක්ක කරගත් නියමු ව්‍යාපෘතියක් සාර්ථකව දියත් කර තිබෙනවා.

ඒ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහයෝගය ඇතිවයි.

තිරසාර ප්‍රවාහන විකල්පයන් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන මෙම මුලපිරීම, මූලික වශයෙන් ඉලක්ක කර ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ත්‍රිරෝද රථයි.

කාන්තා හිමිකරුවන්, ආබාධිත පුද්ගලයින් සහ තනි ත්‍රිරෝද රථයකින් ජීවනෝපාය වන පවුල් සඳහා විශේෂ සැලකිල්ලක් මෙහිදී යොමුකර තිබෙනවා.

තෝරා ගැනීමේ ක්‍රියාවලියේදී මෙම කණ්ඩායම්වලට ප්‍රමුඛත්වය දුන් බවයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පැවසුවේ.

World News