ශ්‍රී ලංකාව තුළ මෑත වසරවලදී ස්වසන පද්ධතිය ආශ්රිත රෝගවල වැඩිවීමක් පිළිබඳව සෞඛ්‍ය ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධානය යොමුකර තිබෙනවා.
‘RESPIRE’ – ජාතික සෞඛ්‍ය හා සත්කාර පර්යේෂණ ආයතනයේ (NIHR) ස්වසන සෞඛ්‍යය පිළිබඳ ගෝලීය සෞඛ්‍ය පර්යේෂණ ඒකකයේ වාර්ෂික විද්‍යාත්මක රැස්වීමේදී (ASM) අදහස් දක්වමින් වෛද්‍ය මහීපාල මහතා පැවසුවේ මෙම වැඩිවීමට හේතු වී ඇත්තේ වේගවත් නාගරීකරණය, වායු දූෂණය සහ දේශගුණික විපර්යාස බවයි.
ජනගහනය අතර විද්‍යාත්මක දැනුම නොමැතිකම, අඩු අධ්‍යාපන මට්ටම් සහ දරිද්‍රතාවය ස්වසන රෝග ව්‍යාප්ත වීමට හේතු වන බවද වෛද්‍ය මහීපාල පෙන්වා දුන්නා.
මෙම සෞඛ්‍ය ගැටලුවලට එරෙහිව සටන් කිරීම සඳහා වැඩි දැනුවත් කිරීමක් සහ අධ්‍යාපනයක් අවශ්‍ය බව ඔහු අවධාරණය කළා.
දින තුනක් පුරා පැවැත්වෙන මෙම රැස්වීමට ලොව පුරා සිටින ස්වසන සෞඛ්‍ය විශේෂඥයින් කොළඹට එක් කර තිබෙනවා.
ආසියානු කලාපය තුළ ස්වසන රෝග අවදානම අවම කිරීමේ අරමුණින් විවිධ වැඩසටහන් ආරම්භ කිරීම මෙහි අරමුණයි.