මහත් ආන්දෝලනයකට තුඩු දුන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබන නාවික හමුදා සාමාජිකයින් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය පෙර ලබා දුන් තීන්දුව, අභියාචනාධිකරණය විසින් අද (26) අවලංගු කරන ලදී.
අභියාචනාධිකරණය විසින් නඩුව යළි විභාගයට ගැනීමට නියම කර ඇති අතර, සශී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන විනිසුරු මඩුල්ල මෙම තීරණය ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම තීරණය අනුව, පෙර මහාධිකරණ තීන්දුව ඉවත් කර, අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධ නඩුව නැවත විභාගයට ගැනීමට පියවර ගන්නා බවද සඳහන් වේ.