ජනාධිපතිවරණය සම්බන්ධව ඊයේ (29) දිනය වනවිට පැමිණිලි 1,229ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අතරින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම පිළිබඳ ලැබී ඇති පැමිණිලි ගණන 1,172ක්.
ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධව ද පැමිණිලි 4ක් ලැබී තිබෙන බවයි කොමිෂන් සභාව සඳහන් කළේ.
මේ අතර මැතිවරණ රැළි පැවත්වන අවස්ථාවලදී පහර දීමේ සිදුවීම් කිහිපයක් ද වාර්තා වන බව ප්රජාතන්ත්රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්යක්ෂ මංජුල ගජනායක මහතා පවසනවා.