ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින්ගේ පළමු කණ්ඩායම ශ්රී ලංකාවට පැමිණ තිබෙනවා.
තවත් පිරිසක් ඉදිරි සති කිහිපය ඇතුළත ශ්රී ලංකාවට පැමිණිමට නියමිතයි.
පොදු රාජ්ය මණ්ඩලයීය මැතිවරණ නිරීක්ෂකයින් පිරිසක් ද ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා මේ වනවිට ශ්රී ලංකාවට පැමිණ තිබෙනවා.
ඒ අනුව ඔවුන් මැතිවරණය නිරීක්ෂණයට කළ ඉල්ලීමට තමන් අවසර ලබා දුන් බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
මීට අමතරව ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නියෝජිතයින් ද ඉදිරි සති කිහිපය තුළ ශ්රී ලංකාවට පැමිණීමට නියමිතයි.