Latest News

ඉරානයේ මෙහ්රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ විශාල පිපිරීමක් වාර්තා වෙයි

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com



ඉරානයේ කාර්යබහුලම ගුවන්තොටුපොළක් ලෙස සැලකෙන මෙහ්රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ අද (07) අලුයම විශාල පිපිරීමක් සිදුව ඇති බව BBC ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.
මෙම ගුවන්තොටුපොළ ඉරානයේ ප්‍රධාන දේශීය ගුවන් ගමන් මෙහෙයුම් සිදුකරන ස්ථානයක් වන අතර, ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ ගුවන්තොටුපොළ තුළ ගුවන් යානා කිහිපයක්ද පැවති බව සඳහන් වේ.
පිපිරීම සිදුවීමත් සමඟ එම ප්‍රදේශයෙන් විශාල දුම් වළාවක් නැඟී ඇති අතර, ඒ සම්බන්ධ වීඩියෝ දර්ශන කිහිපයක්ද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී.
ඉරාන රාජ්‍ය මාධ්‍ය ද තහවුරු කර ඇත්තේ, ගුවන්තොටුපොළ තුළ ස්ථාන කිහිපයක්ම සතුරු ප්‍රහාරයකට ලක්ව ඇති බවයි.
මීට පෙරද පසුගිය මාර්තු 4 වනදා, ඊශ්‍රායලය විසින් මෙම ගුවන්තොටුපොළ ඉලක්ක කර ප්‍රහාරයක් දියත් කර තිබූ අතර, එහිදී හෙලිකොප්ටර් නිෂ්පාදන අංශය ඇතුළු ඊශ්‍රායලයට තර්ජනයක් ලෙස සැලකුණු පද්ධති කිහිපයක් විනාශ කර ඇති බව වාර්තා විය.
කෙසේ වෙතත්, අද සිදුවූ නවතම පිපිරීමෙන් ගුවන්තොටුපොළේ කුමන ස්ථානවලට හානි සිදුවී ඇත්ද යන්න පිළිබඳව තවමත් නිල තොරතුරු අනාවරණය වී නොමැත.

World News

Send your contact Details Today