Latest News

පොලිස්පතිතුමාගෙන් විශේෂ නිවේදනයක්

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


ඩ්‍රෝන යානා (නියමුවන් රහිත ගුවන් යානා) සහ ඒවාට අදාළ අමතර කොටස් ආනයනය කරන ආයතන, මෙන්ම මෙරට තුළ ඩ්‍රෝන යානා අලෙවි කිරීම, අලුත්වැඩියා කිරීම හෝ එවැනි ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලයින් පිළිබඳ තොරතුරු රැස්කරන ලෙස පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇත.
එම ආයතන සහ පුද්ගලයින් 2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනතේ ප්‍රතිපාදන අනුව නීතිමය ලෙස ක්‍රියාත්මක වන්නේද යන්න සොයා බැලීමටද පොලීසියට උපදෙස් ලබා දී ඇති බව සඳහන් වේ.
පොලීසිය පවසන්නේ, ඇතැම් ආයතන එම පනත යටතේ ඇති නීති රීති නොපිළිපදිමින් මෙරටට ඩ්‍රෝන යානා සහ ඒවාට අදාළ අමතර කොටස් ආනයනය කිරීමත් වෙළඳාමත් සිදුකරන බව අනාවරණය වී ඇති බවයි.
මෙවැනි නීතිවිරෝධී ක්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි අතර, එමඟින් ඩ්‍රෝන යානා භාවිතා කර ත්‍රස්ත ප්‍රහාර සිදුකිරීමේ අවදානමද වැඩි විය හැකි බවද පොලීසිය පෙන්වා දෙයි.
ඒ අනුව, මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් කාලීන ආරක්ෂක පියවරක් ලෙස සියලු පොලිස් ස්ථාන දැනුවත් කිරීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබේ.

World News

Send your contact Details Today