මැදපෙරදිග යුදමය හේතුවෙන් තම රටවල්වලට නැවත යාමට නොහැකිව මෙරට රැඳී සිටින සංචාරකයින් සඳහා නොමිලේ ආහාර ලබාදීමේ වැඩසටහන අද (06) කොළඹ කොල්ලුපිටියේ හෝටල් පාසලේදී ආරම්භ විය.
මෙම ආහාර වේල, යුද තත්ත්වය නිසා සංචාරකයින්ට සහන සැලසීමේ අරමුණින්, උදෑසන 11 සිට පස්වරු 3 දක්වා අඛණ්ඩව ලබාදීමට සැලසුම් කර තිබේ.
වැඩසටහන සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් පාසල එක්වයි.