ඇමරිකාව සහ ඊශ්‍රායල එක්ව ඉරානයට එල්ල කරන පහරදීම්වලට විරෝධය දැක්වීම සඳහා අද (6) කොළඹවල විවිධ ස්ථාන කිහිපයකදී විරෝධතා පවත්වා තිබේ.
ඒ අනුව, කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය, කොළඹ දවට ගහ පල්ලිය සහ ඉරාන තානාපති කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතා පැවැති බව සඳහන් වේ.
විශේෂයෙන් කොළඹ දවට ගහ පල්ලිය ඉදිරිපිට පැවැති විරෝධතාව සඳහා ඉරාන තානාපතිවරයාද එක්ව සිටියා.