Latest News

මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ තීරණයට එරෙහිව සොහාරා බුහාරි ගොනු කළ පෙත්සම මාර්තු 13ට කැඳවීමට නියෝග

Published 11 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com



කොළඹ මහ නගර සභාවේ අයවැය ඡන්දයේදී ආණ්ඩු පක්ෂයට සහාය දක්වා ඡන්දය ප්‍රකාශ කළ බවට චෝදනා කරමින් තම මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගත් තීරණය අත්හිටුවන ලෙස ඉල්ලා කොළඹ මහ නගර සභා මන්ත්‍රීවරියක වන සොහාරා බුහාරි ගොනු කළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු 13 දින කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (06) නියෝග කළේය.
මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු තහවුරු කිරීම සඳහා එය මාර්තු 13 වැනිදා කැඳවීමට නියෝග කළේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, මහලේකම් නිසාම් කාරියප්පර් සහ කොළඹ තේරීම් භාර නිලධාරියා ඇතුළු පිරිසක් නම් කර ඇත.
නීතීඥ මංජුල බාලසූරිය මාර්ගයෙන් ගොනු කර ඇති මෙම පෙත්සම තුළින් පෙත්සම්කාරිය සඳහන් කරන්නේ, කොළඹ මහ නගර සභා අයවැය ඡන්දයේදී ආණ්ඩු පක්ෂයට සහාය දක්වමින් ඡන්දය ප්‍රකාශ කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තම පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කළ බවයි.
2025 දෙසැම්බර් 31 දින ඉදිරිපත් කළ අදාළ අයවැය තුළ මහජන හිතකාමී යෝජනා ගණනාවක් ඇතුළත් වූ බැවින් තමන් එයට සහාය දක්වා ඡන්දය ප්‍රකාශ කළ බවත් ඇය සඳහන් කර ඇත.
එමෙන්ම, තම පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම වැළැක්වීම සඳහා කොළඹ දිසා අධිකරණය මගින් වාරණ නියෝගයක් නිකුත් කර තිබූ බවද පෙත්සම්කාරිය පෙන්වා දෙයි.
කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව තම පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ගත් තීරණය නීතියට පටහැනි බව ප්‍රකාශ කරන ලෙසත්, එම තීරණය බල රහිත කරන ලෙසත් ඇය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.
එමෙන්ම, අවසන් තීන්දුව ලබාදෙන තුරු තමන්ට කොළඹ මහ නගර සභා මන්ත්‍රී ධුරයේ කටයුතු කරගෙන යාමට අවසර දෙන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා ඇත.

World News

Send your contact Details Today