Latest News

දෙවන ඉරාන නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටත – අනන්‍ය ආර්ථික කලාපයේ බව නලින්ද ජයතිස්ස කියයි

Published 1 hour ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com



දෙවැනි ඉරාන නෞකාව මේ වනවිට ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව තුළ නොපවතින බවත්, එය මෙරට මුහුදු සීමාවට ආසන්න අනන්‍ය ආර්ථික කලාපය (EEZ) තුළ ස්ථානගතව ඇති බවත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.
අද (05) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තවත් ඉරාන නෞකාවක් කොළඹ වරාය ආසන්නයේ පවතින බවට තොරතුරු ලැබී ඇති බවයි.
එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ, විපක්ෂ නායකවරයා දැනගත් තොරතුරු වලට වඩා වැඩි විස්තර රජය සතුව ඇති බවයි. එමෙන්ම, සිදුවී ඇති තත්ත්වය විසඳා ගැනීමේදී ජීවිත හානි අවම කිරීමත්, කලාපීය සාමය ආරක්ෂා කර ගැනීමත් අරමුණින් අවශ්‍ය මැදිහත්වීම් සිදුකරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් සියලු කටයුතු අවසන් වූ පසු සවිස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

World News

Send your contact Details Today