කුවේට් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයක තෙල් නෞකාවක් ආසන්නයේ විශාල පිපිරීමක් සිදුව ඇති බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම (UKMTO) සඳහන් කරයි.
මෙම සිද්ධිය කුවේට් හි මුබාරක් අල් කබීර් ප්‍රදේශයෙන් නාවික සැතපුම් 30ක් පමණ ගිනිකොණ දිශාවෙන් සිදුව ඇති බව වාර්තා වේ.
එම පිපිරීම හේතුවෙන් තෙල් කාන්දුවක් ඇති වී ඇති අතර, එය පාරිසරික බලපෑම් ඇති කිරීමට ඉඩ ඇති බවද UKMTO පෙන්වා දෙයි.
කෙසේවෙතත්, පිපිරීමත් සමඟ ගින්නක් වාර්තා වී නොමැති අතර, නෞකාවේ කාර්ය මණ්ඩලය ආරක්ෂිත බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.