මහජන හදිසි තත්ත්වය නැවත දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්ය.
ඒ අනුව, මහජන හදිසි තත්ත්වය දීර්ඝ කිරීම සඳහා අවශ්‍ය යෝජනාව ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
පසුගියදා ඇති වූ දිට්වා සුළිකුණාටුව හේතුවෙන් රට තුළ ඇති වූ ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබුණි.
කෙසේ වෙතත් එම හදිසි තත්ත්වය පසුගිය 28 වැනිදා අවසන් වූ අතර, එය තවදුරටත් දීර්ඝ කිරීමට පියවර ගෙන නොතිබුණි. ඒ සමඟම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයාගේ බලතල ද අවසන් වී ඇත.
මේ අතර මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවට ජනතාව අතර බියක් පවතින අතර, එම හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල ජනතාව අනවශ්‍ය ලෙස පෝළීම්වල රැඳී සිටින ආකාරයද දැකිය හැක.