Latest News

චීනයේ විදුලි වාහන ව්‍යාප්තිය: ෆොසිල ඉන්ධන අවශ්‍යතාව 5.7% පහත වැටේ – Elon Musk”

Published 1 day ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එලෝන් මසක්ගේ ප්‍රකාශයකට අනුව, චීනය ඉතා වේගයෙන් සූර්ය බලශක්තිය සහ විදුලි බලය මත පදනම් වූ අනාගත ආර්ථිකයකට යොමු වෙමින් සිටින බව සඳහන් වේ. එම ප්‍රවණතාවය හේතුවෙන් අනාගතයේ තෙල් සහ ගෑස් වැනි ෆොසිල ඉන්ධන සඳහා ඇති අවශ්‍යතාවය සැලකිය යුතු ලෙස අඩුවිය හැකි බවද ඔහු පෙන්වා දෙයි. ටෙස්ලාසමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන මස්ක්, සිය X (Twitter) ගිණුම ඔස්සේ සටහනක් තබමින් මේ අදහස් ප්‍රකාශ කර ඇත.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, චීනයේ සම්පූර්ණ වාහන සංඛ්‍යාවෙන් සියයට 12 කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට විද්‍යුත් වාහන (EV) බව නිල දත්ත වලින් පෙන්වා දෙන බවයි.
මේ තත්ත්වය හේතුවෙන් 2025 වසර තුළ චීනයේ ඉන්ධන අලෙවිය සියයට 5.7 කින් පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම වෙනස, විද්‍යුත් වාහන භාවිතය ඉහළ යාම සහ පිරිසිදු බලශක්ති ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාම හේතුවෙන් සිදුව ඇති බවද විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

World News

Send your contact Details Today