2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී නොවීමට බංග්ලාදේශය ගත් තීරණය සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව කිසිදු මූල්‍ය හෝ පරිපාලනමය දඩුවමක් ලබා නොදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) සහ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය (BCB) අතර පැවති සුහදශීලී සාකච්ඡාවකින් අනතුරුව මෙම එකඟතාවට පැමිණ ඇත.
ඒ අනුව තරගාවලියට සහභාගී නොවීම සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට එරෙහිව කිසිදු ක්‍රීඩා හෝ මූල්‍යමය දඩුවමක් පැනවෙන්නේ නැත.
මෙම එකඟතාවයේ කොටසක් ලෙස, 2031 ලෝක කුසලානයට පෙර පැවැත්වෙන ප්‍රධාන ICC තරගාවලියක සත්කාරකත්වය බංග්ලාදේශයට ලබා දීමට තීරණය වී තිබේ.
පවතින ගැටලු සම්බන්ධයෙන් ICC හි විවාද විසඳීමේ කමිටුව (Dispute Resolution Committee) වෙත යාමට ඇති අයිතිය බංග්ලාදේශයට තවදුරටත් විවෘතව පවතී.
මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාවේ පැවැත්වෙන තරග සඳහා සහභාගී වීම බංග්ලාදේශය විසින් ප්‍රතික්ෂේප කළේ ආරක්ෂක හේතූන් මතය.
මේ හේතුවෙන් ඔවුන් වෙනුවට ස්කොට්ලන්ත කණ්ඩායම තරගාවලියට ඇතුළත් කර ගැනීමට ICC පියවර ගත්තේය.
මෙම අර්බුදයත් සමඟ පාකිස්තානයද ඉන්දියාවට එරෙහි තරග වර්ජනයක් ප්‍රකාශ කර තිබූ අතර, නවතම සාකච්ඡා මඟින් එම තත්ත්වය සමනය කිරීමට හැකි වී තිබේ.
ICC නිවේදනය කළේ බංග්ලාදේශය යනු ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ වටිනා පූර්ණ සාමාජිකයෙකු බවත්, එරට ක්‍රීඩාවේ වර්ධනය සඳහා අඛණ්ඩව සහාය දක්වන බවත්ය.