මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට, පාදයේ මාංශ පේශි ආබාධයක් හේතුවෙන් තරගාවලියේ ඉදිරි තරග අහිමි වීමේ අවදානමක් මතුව තිබේ.
ඉකුත් 8 වනදා අයර්ලන්තයට එරෙහිව පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ලෝක කුසලාන තරගය අතරතුර වනිඳු මෙම ආබාධයට ලක්ව ඇත.
එම තරගයෙන් ලකුණු 20ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුවද, ප්‍රධානතම පන්දු යවන්නෙකු මෙලෙස ආබාධයට ලක්වීම කණ්ඩායමට විශාල පාඩුවකි.
වනිඳු හසරංගට ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත්, ඔහු වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් හේමන්ත කණ්ඩායමට ආදේශ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.