Latest News

ඊශ්‍රායලයේ නීති විරෝධී පදිංචිකිරීම්වලට ලොව විශාලතම නෞකා සමාගමේ සහාය?

Published 25 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය විසින් පලස්තීන භූමිය බලහත්කාරයෙන් අත්පත් කරගෙන පවත්වාගෙන යන නීති විරෝධී ජනාවාසවල නිෂ්පාදිත භාණ්ඩ ලොව පුරා ප්‍රවාහනය කිරීමට, ලොව විශාලතම බහාලුම් නෞකා සමාගම වන MSC (Mediterranean Shipping Company) සහාය වන බව විශේෂ ගවේෂණයකින් හෙළි වී තිබේ.

අල් ජසීරා පුවත් සේවය සහ පලස්තීන තරුණ ව්‍යාපාරය (PYM) එක්ව සිදුකළ මෙම විමර්ශනයට අනුව, ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් සිදුකෙරෙන මෙම වෙළඳාමට අමෙරිකාව සහ යුරෝපා රටවල් ද වක්‍රව දායකත්වය සපයයි.

2025 වසරේ මුල් මාස 11 තුළ පමණක් ඊශ්‍රායල ජනාවාසවල සිට අමෙරිකාව බලා භාණ්ඩ ප්‍රවාහනය කළ නෞකා වාර 957ක් MSC සමාගම විසින් මෙහෙයවා ඇත.

මෙම භාණ්ඩවලින් වැඩි ප්‍රමාණයක් ස්පාඤ්ඤය, පෘතුගාලය, නෙදර්ලන්තය සහ බෙල්ජියම වැනි යුරෝපා රටවල වරායන් හරහා ප්‍රතිඅපනයනය කර තිබේ.

ආහාර ද්‍රව්‍ය, ඇඟලුම්, රූපලාවන්‍ය නිෂ්පාදන සහ ස්වභාවික ගල් වර්ග මේ අතර වේ.

ජාත්‍යන්තර නීතියට අනුව ඊශ්‍රායල ජනාවාස නීති විරෝධී ලෙස සැලකෙන්නේ ඒවා පලස්තීන භූමිය බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඉදිකර ඇති බැවිනි.

2024 වසරේදී ජාත්‍යන්තර අධිකරණය (ICJ) ලබා දුන් උපදේශාත්මක තීන්දුවකට අනුව, ඊශ්‍රායලයේ මෙම නීති විරෝධී තත්ත්වය පවත්වාගෙන යාමට උදවු වන වෙළඳ සබඳතාවලින් වැළකී සිටීමට අනෙකුත් රටවල් බැඳී සිටී.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කරන පරිදි, මෙම නීති විරෝධී ජනාවාස හරහා ඊශ්‍රායල ආර්ථිකයට වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 30ක පමණ ආදායමක් එකතු වේ.

එහෙත්, මෙම ආක්‍රමණය සහ සීමා කිරීම් හේතුවෙන් පලස්තීන ආර්ථිකයට වසර 2000 සිට 2024 දක්වා කාලය තුළ අහිමි වී ඇති මුදල ඩොලර් බිලියන 170කි.

ස්විට්සර්ලන්තය පදනම් කරගත් MSC සමාගම පවසන්නේ තමන් ක්‍රියාත්මක වන සෑම රටකම නීතිමය රාමුවට ගරු කරන බවයි.

කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය විසින් නම් කරන ලද නීති විරෝධී ජනාවාසවල ක්‍රියාත්මක වන සමාගම් රැසක භාණ්ඩ මෙම සමාගම හරහා ප්‍රවාහනය වන බවට සාක්ෂි ඉදිරිපත් වී ඇත.

World News

Send your contact Details Today