Latest News

බටහිර ඉවුර ඈඳා ගැනීමට ඊශ්‍රායලය සැරසෙයි – මුස්ලිම් රටවල් රැසක දැඩි විරෝධය

Published 25 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින පලස්තීනයට අයත් බටහිර ඉවුරේ (West Bank) පාලනය තවදුරටත් තහවුරු කිරීමට සහ එහි නව පදිංචිකිරීම් ව්‍යාප්ත කිරීමට ගෙන ඇති තීරණය ලොව පුරා දැඩි කතාබහට ලක්ව තිබේ.

මෙම ක්‍රියාවලියට එරෙහිව සවුදි අරාබිය, තුර්කිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ප්‍රමුඛ ඉස්ලාමීය රටවල් රැසක් සිය විරෝධය පළ කර ඇත.

සවුදි අරාබිය, ජෝර්දානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, ඉන්දුනීසියාව, පකිස්ථානය, ඊජිප්තුව සහ තුර්කිය යන රටවල් ඊශ්‍රායලයේ මෙම නව පියවර “නීති විරෝධී” ලෙස හඳුන්වමින් දැඩි ලෙස හෙළා දැක තිබේ.

පලස්තීන භූමිය මත ඊශ්‍රායල ස්වෛරීභාවය බලහත්කාරයෙන් පැටවීමට දරන මෙම උත්සාහය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව එම රටවල් පෙන්වා දෙයි.

පලස්තීන බලධාරීන්ගේ ඉල්ලීම පරිදි මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අරාබි ලීගයේ හදිසි සැසියක් කැඳවා ඇත.

පලස්තීන නිවාස කඩා දැමීම, පෞද්ගලික ඉඩම් අත්පත් කර ගැනීම සහ ඉබ්‍රාහිමි පල්ලියේ තත්ත්වයට හානි වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කිරීමට නියමිතය.

ඊශ්‍රායල මානව හිමිකම් සංවිධානයක් වන Peace Now පවසන්නේ අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ මෙම ප්‍රතිපත්තිය භයානක මෙන්ම වගකීම් විරහිත එකක් බවයි. “නෙතන්යාහු හමාස් සංවිධානය පෙරළා දමන බවට පොරොන්දු වුවද, ප්‍රායෝගිකව ඔහු සිදු කරන්නේ පලස්තීන අධිකාරිය පෙරළා දමා බටහිර ඉවුර ඊශ්‍රායලයට ඈඳා ගැනීමයි” යනුවෙන් එම සංවිධානය චෝදනා කරයි.

World News

Send your contact Details Today