මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට ඇතුළු වීමට උත්සාහ කළ සංක්‍රමණිකයන් රැගත් රබර් යාත්‍රාවක් ලිබියානු වෙරළට ඔබ්බෙන් පෙරළී යාමෙන්, බිළිඳුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 53 දෙනෙකු මියගොස් හෝ අතුරුදහන් වී ඇති බව ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය (IOM) නිවේදනය කරයි.
දිවි ගලවා ගත් අයගේ ප්‍රකාශයන්ට අනුව, අප්‍රිකානු රටවල සරණාගතයින් සහ සංක්‍රමණිකයන් රැගත් මෙම යාත්‍රාව ගමන් ආරම්භ කර පැය හයකට පමණ පසු මුහුදේදී පෙරළී ගොස් ඇත.
අධික ශීතල සහ අයහපත් කාලගුණය මධ්‍යයේ මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ දත්ත වලට අනුව, ලෝකයේ සංක්‍රමණිකයන් සඳහා වන භයානකම මුහුදු මාර්ගය ලෙස සැලකෙන මධ්‍යධරණී මුහුදේදී සිදුවන මරණ සංඛ්‍යාව මෙලෙස ඉහළ ගොස් ඇත:
ඒ අනුව 2025 වසරේදී පුද්ගලයන් 1,300 කට අධික පිරිසක් අතුරුදහන් වී ඇත.
එමෙන්ම 2026 වසරේ මේ දක්වා අලුත්ම වාර්තා සමඟ මියගිය හෝ අතුරුදහන් වූ ගණන 484 කි.
ජනවාරි මාසයේදී පමණක් අවම වශයෙන් පුද්ගලයන් 375 දෙනෙකු මියගොස් හෝ අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.
සංක්‍රමණිකයන් මුහුණ දෙන මෙම මාරාන්තික අවදානම පිළිබඳව අදහස් දක්වන IOM ආයතනය පෙන්වා දෙන්නේ, තවමත් වාර්තා නොවූ තවත් නෞකා අනතුරු (Invisible Shipwrecks) රැසක් පවතින බැවින් සැබෑ මරණ සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩි විය හැකි බවයි.