Latest News

ඉතාලිය විසින් ජපානය පසුකර යයි

Published 26 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගෝලීය ආර්ථික ක්ෂේත්‍රය තුළ දැවැන්ත පෙරළියක් සිදුකරමින්, ලෝකයේ සිව්වන විශාලතම අපනයනකරු ලෙස ජපානය අභිබවා යාමට ඉතාලිය සමත්ව තිබේ.

දශකයකට පෙර කිසිවෙකුත් අපේක්ෂා නොකළ මෙම සුවිශේෂී ජයග්‍රහණයත් සමඟ ඉතාලිය දැන් පසුවන්නේ චීනය, අමෙරිකාව සහ ජර්මනියට පමණක් දෙවැනිවයි.

2025 වසරේ තුන්වන කාර්තුව වන විට ඉතාලි අපනයන ආදායම ජපානය අභිබවා ගොස් ඇති බව ලෝක වෙළඳ සංවිධානයේ (WTO) සහ OECD දත්ත තහවුරු කරයි.

වසර 10කට පෙර ලෝක අපනයන ශ්‍රේණිගත කිරීම්වල 07 වැනි ස්ථානයේ පසුවූ ඉතාලිය, අද වන විට සිය දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 40%ක්ම අපනයන වෙළෙඳපොළ හරහා උපයා ගනී.

ඉතාලිය මෙම තත්ත්වයට පත්වීමට බලපෑ ප්‍රධාන සාධක කිහිපයකි:

1) කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs): විශාල සමාගම් වෙනුවට දේශීයව මුල් බැසගත් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තශාලා දහස් ගණනක් ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු භාණ්ඩ නිපදවීම.

2) යන්ත්‍රෝපකරණ, ඖෂධ, ආහාර, විලාසිතා (Fashion) සහ නිර්මාණ (Design) යන විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ලෝක වෙළෙඳපොළ ජය ගැනීම.

3) සාම්ප්‍රදායික යුරෝපීය වෙළෙඳපොළෙන් ඔබ්බට ගොස් උතුරු ඇමරිකාව සහ ආසියාවේ සිය ආධිපත්‍යය පැතිරවීමට ඉතාලි අපනයනකරුවන් සමත්ව ඇත.

මෙම ජයග්‍රහණයත් සමඟ යුරෝපා සංගමය තුළ ජර්මනියට පමණක් දෙවැනි වන ප්‍රධානතම අපනයන බලවතා බවට ඉතාලිය පත්ව තිබේ.

විශාල ජනගහනයක් සහ ශක්තිමත් කාර්මික පදනමක් ඇති ජපානය වැනි රටක් පසුකර යාම “Made in Italy” සන්නාමයේ ගෝලීය තරඟකාරිත්වය මැනවින් පෙන්නුම් කරන්නකි.

කෙසේ වෙතත්, ගෝලීය ආර්ථික අර්බුද හමුවේ සිය අපනයන ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීම සහ දේශීය ඉල්ලුම ඉහළ නංවා ගැනීම ඉතාලිය හමුවේ ඇති මීළඟ අභියෝගය බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

World News

Send your contact Details Today