Latest News

ලෙබනනයේ ට්‍රිපොලි නුවර මහල් නිවාසයක් බිමට සමතලා වෙයි – කුඩා දරුවෙකු ඇතුළු 5ක් ජිවිතක්ෂයට

Published 26 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෙබනනයේ උතුරුදිග ට්‍රිපොලි නගරයේ පිහිටි පැරණි නේවාසික ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් කුඩා දරුවෙකු සහ වයෝවෘද්ධ කාන්තාවක ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය ඉරිදා දින මෙම අනතුර සිදුව ඇත්තේ ට්‍රිපොලි නුවර පවතින අතිශය දිළිඳුතම ප්‍රදේශයක් වන බාබ් අල්-ටැබනේ (Bab al-Tabbaneh) අසල්වැසි ප්‍රදේශයේදීය.

ගොඩනැගිල්ල කඩා වැටීමත් සමඟ සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයින් අට දෙනෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව ඇති අතර තවදුරටත් සෝදිසි කිරීම් ක්‍රියාත්මක වේ.

සිවිල් ආරක්ෂක ප්‍රධානී ඉමාඩ් ක්‍රෙයිෂ් (Imad Khreish) ප්‍රකාශ කළේ මහල් නිවාස 12කින් සමන්විත වූ මෙම ගොඩනැගිල්ල කොටස් දෙකකින් යුක්ත වූවක් බවයි.

අසල ඇති අනෙකුත් ගොඩනැගිලි ද කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් ආරක්ෂක අංශ විසින් එම ප්‍රදේශයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

ලෙබනනයේ පවතින ආර්ථික අර්බුදය සහ නඩත්තු කටයුතු නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් මෙවැනි පැරණි ගොඩනැගිලි කඩා වැටීමේ අවදානම ඉහළ ගොස් ඇත.

1975-1990 සිවිල් යුද්ධ සමයේ ඉදි කළ බොහෝ ගොඩනැගිලි ප්‍රමිතියෙන් තොර වීම සහ අවසරයකින් තොරව අමතර මහල් එක් කිරීම මෙම අනතුරු වලට ප්‍රධාන හේතුවක් වී තිබේ.

2023 වසරේ තුර්කියට සහ සිරියාවට බලපෑ භූමිකම්පාවෙන් පසු මෙම ප්‍රදේශයේ ගොඩනැගිලි දහස් ගණනක් දුර්වල වී ඇති බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය (Amnesty International) මීට පෙර අනතුරු අඟවා තිබුණි.

ජනාධිපති ජෝසප් අවුන් (Joseph Aoun) විසින් හදිසි සහන සේවා බලමුලු ගන්වන ලෙසත්, අවතැන් වූ පිරිස් සඳහා කඩිනමින් නවාතැන් පහසුකම් සපයන ලෙසත් අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත.

පසුගිය මාසයේදී ද ට්‍රිපොලි නගරයේ මෙවැනිම ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ජීවිත හානි වාර්තා විය.

World News

Send your contact Details Today