Latest News

අයර්ලන්තය දණගස්වමින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ජයග්‍රහණයෙන් අරඹයි – මීළඟ තරගවලට වනිඳු අවිනිශ්චිත බවක්

Published 26 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය මංගල තරගයෙන්ම ලකුණු 20ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

අයර්ලන්තයට එරෙහිව පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් සහ පිතිකරුවන් දැක්වූ දක්ෂතා කැපී පෙනුණි.

තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත නායක පෝල් ස්ටර්ලින් ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භය එතරම් සාර්ථක නොවූ අතර, ලකුණු 86ක් වනවිට මුල් පෙළ පිතිකරුවන් 4 දෙනෙකුම දැවී ගොස් තිබුණි. පැතුම් නිස්සංක ලකුණු 24ක් සහ කමිල් මිෂාර ලකුණු 14ක් ලබා ගත්හ.

කෙසේ වෙතත්, අත්දැකීම් බහුල කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් එක්ව ඉනිම ගොඩනැගූහ.

කමිඳු මෙන්ඩිස්: පන්දු 19කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමගින් වේගවත් ලකුණු 44ක් රැස් කළේය.

කුසල් මෙන්ඩිස්: සිය 18 වැනි ජාත්‍යන්තර 20යි 20 අර්ධ ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 56ක් ලබා ගත්තේය.

නියමිත පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 163ක් ලබා ගැනීමට සමත් විය.

ලකුණු 164ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය අයර්ලන්තය එක් අවස්ථාවක කඩුලු 2කට ලකුණු 105ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවිය.

රොස් අඩෙයාර් සහ හැරී ටෙක්ටර් ශක්තිමත් පදනමක් දැමූ නමුත්, ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් තරගය උඩුයටිකුරු කළහ.

වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණගේ ‘මායාවී’ පන්දු යැවීම හමුවේ අයර්ලන්ත මැද පෙළ සහ පසු පෙළ සම්පූර්ණයෙන්ම ඇද වැටුණි.

ලකුණු 120කට කඩුලු 4ක්ව තිබූ අයර්ලන්ත ඉනිම, අවසාන ලකුණු 23 තුළ ඉතිරි කඩුලු 6ම අහිමි කරගනිමින් පන්දුවාර 19.5කදී ලකුණු 143කට සීමා විය.

පන්දු යැවීම:

මහීෂ් තීක්ෂණ: ලකුණු 23කට කඩුලු 3යි.

වනිඳු හසරංග: ලකුණු 25කට කඩුලු 3යි.

මතීෂ පතිරණ: කඩුලු 2යි.

පිත්තෙන් දැක්වූ ප්‍රවේගකාරී දක්ෂතාවය හේතුවෙන් කමිඳු මෙන්ඩිස් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය එළඹෙන බ්‍රහස්පතින්දා (12) ඕමානයට එරෙහිව පැවැත්වීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකාවට තර්ජනයක් වෙමින් සිය පන්දු යැවීම ආරම්භ කළ වනිඳු හසරංග, දෙවැනි පන්දුවේදීම සිය දණහිස පිටුපස මස්පිඬු ආබාධයකට (Hamstring) ලක්විය.

නමුත් දැඩි ආයාසයක් දරමින්, සාමාන්‍ය දිව ඒමෙන් තොරව පන්දු යැවූ වනිඳු, අයර්ලන්ත ඉනිම බිඳ දැමීමට සමත් විය. ඔහු සිය පන්දුවාර 4 තුළ ලකුණු 25කට කඩුලු 3ක් දවා ගත්තේය.

කෙසේවෙතත් මීළඟ තරග කිහිපය තුල වනිඳු හසරංගගේ සහභාගිත්වය පිළිබඳව අවිනිශ්චිත බවක් හටගෙන තිබෙන බවයි ක්‍රීඩා විශේෂඥයින් පවසන්නේ.

World News

Send your contact Details Today